‘තම මව්රට පහළට ඇද දමන මිනිසුන් ඉන්නේ ලංකාවේ පමණයි..’ ලොව සුපතල සන්නාමය ගොඩනැගූ ලාංකිකයා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

‘තම මව්රට පහළට ඇද දමන මිනිසුන් ඉන්නේ ලංකාවේ පමණයි..’ ලොව සුපතල සන්නාමය ගොඩනැගූ ලාංකිකයා කියයි

පිටරැටියන් සමග එක්වී තම මව්රට පහළට දමන මිනිසුන් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බවත් රට දියුණු කිරීමට නම් රට ගැන හැඟීමක් හෝඩියේ පන්තියේ සිටම දරුවන්ට ලබාදිය යුතු බවත් ලොව සුපතල Dilmah සන්නාමයේ නිර්මාතෘ කීර්තිමත් ව්‍යවසායක මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

එසේම, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් සමග සැසඳීමේදී අද ශ්‍රී ලංකාව සිටින තැන පිළිබඳව තමන් අතිශය කණගාටුවට පත්වන බවත් වහාම මෙරට දේශපාලනය සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පළකර තිබෙන්නේ YouTube නාලිකාවට අදහස් දක්වමිනි.

“ලංකාව දියුණු කරන්න මාර්ග කිහිපයක් තිබෙනවා. අපිට උගන්නලා නෑ අපේ රටට ආදරේ කරන්න. අපේ රටේ මිනිස්සු විතරයි, පිටරට මිනිස්සු එක්ක වාඩිවෙලා අපේ රට නාස්ති කරන්නේ. ඉන්දියාවේ මිනිස්සු රටට ආදරෙයි. ඒක නිසා, රට දියුණු කිරීම පටන් ගන්න ඕන ඉස්කෝලේ හෝඩියෙන්.

අපේ රට කියල වැඩසටහනක් තියෙන්න ඕන. මම මුළු ලෝකෙ වටේම යනවා. මේ වගේ ලස්සන රටක් ලෝකෙ කොහේවත් දැකලා නෑ. අපිට හැමදේම තියනවා. ඒත් දේශපාලනයට වැඩපිළිවෙලක් අවශ්‍යයයි.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad