Exclusive : ධමිමික පැණිය සායනික පරීක්‍ෂණයෙන් අසමත්..? රෝගීන් සුවපත් වීමේ වෙනසක් නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

Exclusive : ධමිමික පැණිය සායනික පරීක්‍ෂණයෙන් අසමත්..? රෝගීන් සුවපත් වීමේ වෙනසක් නෑ !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරස වෛරසය මැඩලීම සඳහා හඳුන්වාදුන් පැණිය ආසාදිතයන් සදහා සැලකිය යුතු මට්ටමකින් සාර්ථක ප‍්‍රතිචාර නොදක්වන බව වාර්තා වෙයි.

එම පැණිය මේ වන විට කොරෝනා ආසාදිතයන් රදවා සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානයක බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සායනික අත්හදා බැලීම් අවසන් අදියරේ පවතී.

දැනට වාර්තා වන තත්ත්ව අනුව එම පැණිය ලබාදුන් ආසාදිතයන් සහ ලබා නොදුන් ආසාදිතයන් අතර සැලකිය යුතු වෙනස්කමක් පෙන්වන බව වාර්තා වෙයි.

කෙසේ නමුත් එම ඖෂධය ආහාර අතිරේකයක් ලෙස ආසාදිතයන් සඳහා ලබාදීමට මේ වන විටත් ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වී ඇත.

ධම්මික බණ්ඩාර මහතා ද මෑතක දී කියා සිටියේ තමන් එම ඖෂධය දිගටම නිෂ්පාදනය කරන බවයි. ලංකාවම සුවපත් කිරීම තම බලාපොරොත්තුව බවත් පැවසූ ඔහු දැනටම ලක්‍ෂ 40ක පමණ පිරිසකට ඖෂධය බෙදා දී ඇතැයිද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad