මහින්දව අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිත් ඇවිලෙයි : පොහොට්ටුව හැදුවෙ බැසිල් බව ප්‍රසිද්ධියේ කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 9, 2021

මහින්දව අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිත් ඇවිලෙයි : පොහොට්ටුව හැදුවෙ බැසිල් බව ප්‍රසිද්ධියේ කියයි - (video)

හින්ද රාජපක්ෂ මහතා යනු මේ රටේ දේශපාලන පරමාදර්ශය බවත්, ඒ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටියහ. උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

මෙය එක්තරා ආකාරයකට ගෙදර තාත්තා ඉවත් කිරීමට කතා කිරීමක් හා සමාන ක්‍රියාවක් බවත් උන්වහන්සේ කීහ.

පොදුජන පෙරමුණු පක්ෂය හිරේ විලංගුවේ වැටී පවා නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ පිළිබද කිසිදු විවාදයක් නොමැති බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad