පාස්කු ප‍්‍රහාර පරීක්‍ෂණ යට ගැසීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු බලපෑම් කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

පාස්කු ප‍්‍රහාර පරීක්‍ෂණ යට ගැසීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු බලපෑම් කරලා

සුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ඒ බව සඳහන් වී ඇතැයි මන්ත්‍රීවරයා එම පිටුව උපුටමින් පැවසීය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘පාස්කු ප්‍රහාරය අහඹු සිදුවීමක් නෙවෛයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි අපිට අත්විදින්නට සිදුවුණේ. ඉතිහාසයේ ශ්‍රී දළාදා මාළිගාවේ සේවය කරපු මුස්ලිම් මිනිස්සු හිටියා. ඔවුන් මස් මාංශ අනුභ්ව කළේ නෑ. ඔවුන්ගේ ආගම ඉස්ලාම් උණත් ඔවුන් දළදා මාළිගාවේ සේවය කළා. එහෙම ජාතික සමගියක් තිබුණු රටක් මේ දේශපාළකයන් විසින් වැපිරූ ජාතිවාදයේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විදින්නේ.

සහරාන්ලා නිර්මාණය කළේ වෙන කවුරැත් නෙවෙයි මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ. මේ කොමිෂන් සභා වාර්තාවේ එක දෙයකට මම කැමතියි. ඒ තමයි මේකේ හරි පැහැදිලිව “ඉස්ලාම් අන්තවාදය” කියල කියලා තිබෙණවා.

මේ රටේ මොන මුස්ලිම් නායකයද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එක වචනයක් හරි කතා කරලා තියෙන්නේ. හම්බන්තොට වරාය විකුණද්දි එකෙක් කට ඇරියද? ජිනීවා ප්‍රශ්ණෙට එකෙක් කට ඇරියද? අඩුම ගානේ බඩුමිල වැඩිවෙලා තියෙනවා ඒ වෙනුවෙන් වචනයනක් කතා කාලද? හැමදාම කළේ අන්තවාදී ඉල්ලීම්.

අවසානයේදී මේ රටේ මුස්ලිම් බත් කඩෙන් බත්කාපු සිංහලයයි. මාතර බත්කඩෙන් බත්කාපු මුස්ලිම් මිනිහයි. අන්තවාදී දේශපාලකයෝ හලාල් සහතිකය ගෙනල්ලා වෙන්කලා’


No comments:

Post a Comment

Post Bottom Ad