නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ…- දිනේෂ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ…- දිනේෂ්

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු නොකළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad