බටහිර ජැටිය අදානිට දීම පිටුපස ඥාති සංග්‍රහයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

බටහිර ජැටිය අදානිට දීම පිටුපස ඥාති සංග්‍රහයක්

කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට දීමේ කොන්ත්‍රාත්තුව පිටුපස ලංකාවේ ඥාති සම්න්ධතාවක් ඇතැයි ‘දූෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

ඔහු පවසන්නේ ලංකා රජය විසින් මෙරට ජෝන් කීල්ස් සමාගම සමඟ බටහිර පර්යන්තය සංවර්ධනය කොට පවත්වාගෙන යන ලෙස අදානි සමාගමට ආරාධනා කොට ඇති අතර ජනපතිගේ නිත්‍ය නියෝජිතයකු ලෙස ඉන්දියාවේ කටයුතු කරන මිලින්ද මොරගොඩට ජෝන් කීල්ස් සමාගම හා පවතින ඥාති සම්බන්ධයත් මෙම ගනුදෙනුවත් අතර සහසම්බන්ධයක් ඇති බවට ඉතා පැහැදිලි කරුණු ඇති බවයි.

මෙවැනි ජාතික සම්පත් සම්බන්ධ තීරණ ගැනීමේදී ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවා එකී ගනුදෙනු සිදුවිය යුතු නමුත් සම කැබිනට් ප්‍රකාශකවරයා පවා මෙම ගනුදෙනුව ඉන්දියානු ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට සිදු නොවූවක් යැයි පිළිගන්නා බව වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

තවද මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කිසිවක් නොදන්නා බව කීම ගැටලුවක් බවද ඔහු පවසයි.

එම නිසා පොදු දේපළ ඥාති සංග්‍රහයන්ට නතු කිරීම කිසිසේත් සිදු නොවිය යුත්තක් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුරාධා හේරත් – මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad