පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකුට විශේෂ පහසුකම් දීමට තැත් කළ ජේලර්ට වැඩ වරදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකුට විශේෂ පහසුකම් දීමට තැත් කළ ජේලර්ට වැඩ වරදී !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකු ඇතුළු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත තවත් සැකකරුවන් දෙදෙනකුට පහසුකම් ලබා දීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට සැකකරුවන් මගින් රුපියල් ලක්ෂ ගණනක අල්ලසක් ලබා දීමට තැත් කළ ජේලර්වරයකු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාර අධිකාරිවරයාට ඕනෑම ආකාරයක උදව්වක් ලබා දීමට සූදානම් බැවින් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස මෙම සැකකාර ජේලර්වරයා බන්ධනාගාර අධිකාරිවරයා හමු වී පවසා ඇත.

එම යෝජනාවට කැමැත්ත දක්වන බව පෙන්වා ඇති අධිකාරිවරයා සැකකාර ජේලර්වරයා මගින් ඉහත ප්‍රකාශ කළ රැඳවූවන් තිදෙනා කාර්යාලයට ගෙන්වා ගෙන ඇති බව වාර්තා වේ. 

එසේ කැඳවීමෙන් අනතුරුව "තමුන්ට මගෙන් මොනවා ද වෙන්න ඕනෙ" යනුවෙන් අධිකාරිවරයා එම සැකකරුවන්ගෙන් විමසීමේදී "සර්, ඕන මුදලක් සර්ට දෙන්නම් අපිට සිර මැදිරිය ඇතුළේ දුරකතනයක් ළඟ තියාගෙන අපේ පාඩුවේ නිදහසේ ඉන්න ඉඩ දෙන්න" යනුවෙන් ඉල්ලා ඇති බව අනාවරණය වී ඇත.

තව ද මෙම සිද්ධිය සම්බන්ධව සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යටතේ කරන ලද  මූලික විමර්ශනයේ අතුරු වාර්තාව අනුව එම සිද්ධියේ අතරමැදියෙකු ලෙස සම්බන්ධ වූ ජේලර්වරයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad