තමුසේ පඹයෙක් කියල ජනාධිපතිට බැන්න විජේදාස ගැන අපට ආඩම්බරයි – රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

තමුසේ පඹයෙක් කියල ජනාධිපතිට බැන්න විජේදාස ගැන අපට ආඩම්බරයි – රාජිත

මේ රටේ ජනාධිපතිවරයාගේ මුහුණට ම තමුසේ පඹයෙක් යැයි ප්‍රකාශ කිරීම සඳහා කොන්දක් තිබීම පිළිබඳ තමන් විජේදාස රාජපක්ෂට ගරු කරන බව රාජිත සේනාරත්න පවසයි. බැසිල් රාජපක්ෂ පල් හොරෙක් බව කීමටත් ජනාධිපතිවරයා තර්ජනය කළ විට පෙරළා ජනාධිපතිවරයාට තර්ජනය කරන්නටත් ආණ්ඩුව තුළ සිටිය ද විජේදාසට තිබූ බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් අතීතයේ කවර ප්‍රශ්න තිබුණත් විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටීම පිළිබඳ තමන් තුළ ගෞරවයක් ඇතැයි රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad