ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ

ආණ්ඩුවේ තහනම පිළිනොගන්නා බවත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැති බවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට තම පක්ෂය සියලු කටයුතු සුදානම් කර ඇති බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ තමන් සමග සිටින පක්ෂ අතර පවතින අර්බුදය සමාජගතග විම වැළැක්වීමට බවද එය තම පක්ෂයට අදාළ නොවන බවද ඔහු පැවසීය. මෙම තීරණයට සියලු පක්ෂ එකඟ යැයි ආණ්ඩුව සටකපට ප්‍රකාශයක් කළද තම පක්ෂය එයට එකඟ නැති බව ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad