ලෙඩා පණපිටින් මැරූ මීගමු දොස්තරට ‘මාර’ දඬුවමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

ලෙඩා පණපිටින් මැරූ මීගමු දොස්තරට ‘මාර’ දඬුවමක්!

මියගොස් ඇති බව තීරණය කරමින් පුද්ගලයකු මෘත ශරීරාගාරයට යැවූ මීගමුව රෝහලේ වෛද්‍යවරයාට පුත්තලම මහ රෝහලට තාවකාලිකව ස්ථාන මාරුවක් දී ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ලාල් පනාපිටිය පැවසීය. ඒ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් ය.

සිද්ධියට අදාළව මීගමුව රෝහලෙන් කළ පරීක්ෂණයේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇත්තේ පසුගිය සතියේය.

එම වාර්තාව අනුව ඉදිරි පියවර ගැනීම අමාත්‍යාංශයේ කාර්යයක් බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා ලෝගනාදන් සඳහන් කළාය.

රුධිරයේ සීනි මට්ටම අඩු වීම නිසා සිහිසුන්ව සිටි රෝගියකු මෘත ශරීරාගාරයට යවා තිබුණේ ඉකුත් 9 වැනිදාය.

දුන්ගාල්පිටිය ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි එම රෝගියා ජීවිතක්ෂයට පත්ව නොමැති බව මෘතශරීරාගාරයේ දී දැක තිබුණේ ඔහුගේ බිරිඳය.

ඉන්පසු ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad