ෆේස්බුක් එකේ ජනපති විවේචනය කළ රජයේ සේවකයන් දෙදෙනකුට මාරුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

ෆේස්බුක් එකේ ජනපති විවේචනය කළ රජයේ සේවකයන් දෙදෙනකුට මාරුවක් !

ජනාධිපතිවරයා විවේචනය කරමින් ‘ෆේස්බුක් පෝස්ට්’ පළ කළේ යැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නිරතව සිටි නිලධාරිනියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එම ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කළ නිලධාරිනිය අදාළ විමර්ශනය නිම වන තෙක් තාවකාලිකව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට මාරු කර ඇත.

අදාල නිලධාරිනියන් දෙදෙනා විසින් සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා විවේචනය කර ඇති බවට අනාවරණය වී ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ අත්සනින් යුතු ලිපියක් මගින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වරයා වෙත පසුගිය 29දා දැනුම්දී තිබේ.

ඒ අනුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන් වේ.

එසේ වුවද මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ විමර්ශනය සිදු කිරීමට තරම් අදාළ Facebook Postවල යමක් සඳහන් නොවන බවයි.

එසේම අනෙක් අතට පවතින රජයේ වැඩපිළිවෙලට සහාය දක්වමින් රාජකාරිය ඉටු කිරීම රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම වන බවද හෙතෙම පැවසීය.

එසේම රජය හෝ පාලකයන් විවේචනය කරනු වෙනුවට සිදු කළ යුතු බොහෝ වැඩකටයුතු ප්‍රමාණයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු වන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad