මම චොකා මල්ලි වුණේ පොඩි කාලේ ගොඩක් චොකලට් කෑ නිසයි…. එහෙම නැතිව අපි දේශපාලන මැරයෝ නෙමෙයි…. – ප්‍රේමලාල් ජයසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

මම චොකා මල්ලි වුණේ පොඩි කාලේ ගොඩක් චොකලට් කෑ නිසයි…. එහෙම නැතිව අපි දේශපාලන මැරයෝ නෙමෙයි…. – ප්‍රේමලාල් ජයසේකර

කුඩා කාලයෙහි විශාල වශයෙන් චොකලට් ආහාරයට ගත් නිසා තමන්ට චොකා මල්ලි යන නම වැටුණු බව ප්‍රේමලාල් ජයසේකර පවසයි.

ඒ හැර තමන් පාතාල නායකයකු හෝ මැර දේශපාලකයකු නොවන බවත් ඔහු සඳහන් කරයි.

“චොකලට් කන හින්දා පොඩිකාලෙ ඉඳන් චොකා මල්ලි කියලා මට නම තිබ්බෙ. හැබැයි අද චොකා මල්ලි කියන නම ඉස්සරහට දාලා හරියට පාතාල නායකයෙක් හැටියට තමයි මාව හංවඩු ගැහුවෙ ඔබතුමන්ලා.

මම පොඩිකාලෙ ඉස්කෝලෙ යනකොට රුපියල් 200 ගාණෙ තාත්තා ගෙදරින් දුන්නා. අපි හිඟන්නු නෙවෙයි, ඒ වගේ තාත්තා දුන්න රුපියල් 200න් හැමදාම චොකලට් කන්නෙ වැඩිහරියක්.

ඒ හින්දා තමයි චොකලට් කාපු හින්දා චොකා මල්ලි කියලා නම වැටුණෙ. එහෙම නැතුව අපි කවදාවත් දේශපාලන චණ්ඩි වෙලා නෑ. මැර දේශපාලනය කරලා නෑ.”

ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad