මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

මාස 03කින් ලංකාවේ කොරෝනා පාලනයේ.. ඉන් පසු සාමාන්‍ය ජීවිතය.. රජයේ නිල සැලසුම මෙන්න

ඉදිරි ජූලි අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්පූණයෙන්ම පාහේ පාලනය කළ හැකි වනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව කියා සිටියේය.

මෙම තත්ත්වයට ළඟා වීමට නම් ශ්‍රී ලංකාවෙන් 60% ක ජනගහනයක් එන්නත් කරණයට ලක් විය යුතු බවත් ඒ සඳහා දැනටමත් ලොව ප්‍රධාන එන්නත් නිපදවන සමාගම් හතරක් සමග ගිවිසුම් ගත වී අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, රුසියාවේ ස්පුට්නිට්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා, ෆයිසර් බයෝටෙක් සමග දැනටමත් අවශ්‍ය පරදි ගිවිසුම් ගත වී අවසන් යයිද කී ඔහු එම එන්නත් මාත්‍රාවන් අනුව මෙරට අවශ්‍යතාවය ඉක්මවන එන්නත් මාත්‍රාවන් ලැබෙනු ඇතැයිද පැවසීය.

ඒ අනුව මෙරට ජනතාවට යම් සීමා සහිතව ජීවිත රටාව පවත්වා ගත යුතුව ඇත්තේ ඉදිරි මාස තුනක කාලයේදී පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් වෛරසයේ වෙනස්වන සුළු තත්වය හා එන්නත්වලට ප‍්‍රතිචාර දක්වන ස්වභාවයද මෙය වෙනස් විය හැකි යයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad