විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.

අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද කැඳවා ඇති බවයි.

අගමැති මහනිද රාජපක්‍ෂ මහතාද තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගත ඇත.

මෙම ඇමතිවරුන් පිරිස් අගමැතිවරයා දැනුම්දී ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවයි.

ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad