විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා - පොහොට්ටුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

විජේදාස කෑගහන්නේ කැබිනට් ඇමතිකමක් දුන්නැති නිසා.. ඔහුට විනය පරීක්‍ෂණ කැදවනවා - පොහොට්ටුව කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුර තීරණය අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී ගන්නා බවද ඔහු පැවසීය.

නව ආණ්ඩුව බලයට පත්වූ පසු විජේදාස රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කැබිනට් අමාත්‍ය ධුරයක්ම ඉල්ලා සිටි බවද ඔහු කීය.

එම සිදුවීම මත විජයදාස රාජපක්ෂ මහතා දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

එක්වරම මාධ්‍යට ගොස් එවන් ප‍්‍රකාශ සිදු කිරීම පක්‍ෂ සාමාජිකයෙකුට සුදුසු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad