ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි !

ශ්‍රී ලංකාවේ ණය ආපසු කිරීම සඳහා මැදපෙරදිග රටවල් සමග සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දැනටමත් මේ පිළිබඳව මහ බැංකුවේ ඉහළ නිලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින අතර ඉදිරි දින කිහිපයේදී එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ද මේ බව තහවුරු කළේය.

කෙසේ වෙතත් මෙම ණය ආපසු ගෙවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මෙරට විදේශ විනිමය සංචිතය පසුගිය මාර්තු මාසය වනවිට ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී තිබිණි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ බංග්ලාදේශ සංචාරයේදී ද මූල්‍ය හුවමාරුවක් සඳහා සාකච්ඡා පවත්වා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad