විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද

ආසනික්, කැඩ්මියම් සහ ඊයම් අඩංගු ප්‍රමිතියෙන් තොර විෂ සහිත ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පසුගිය කන්නයේදී මෙරට ගොවීන් වෙත ලැබී ඇති බවත් ඒවා මේ වනවිට ගොවි ජනතාව පාවිච්චි කර අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පිළිගත්තේය. ඒ හිරු ටීවී නාළිකාවේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙම පොහොර තොගය පමණක් නොව පසුගිය වසර පහක කාලය තුළ ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 88,000ක් මෙරට කුඹුරුවලට මිශ්‍ර වී ඇති බව ඔහු සඳහන් කළ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රමිතියෙන් තොර පොහොර මුදා හැරීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් බවට එල්ල වන චෝදනාව පදනම් විරහිත අසත්‍යයක් බවද ප්‍රකාශ කළේය. ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ප්‍රමිතියට අනුකූල පොහොර පමණක් පිට කරන ලෙස බවත් එසේ වුවද මෙම පොහාර තොගය වෙනස් කරන ලද විද්‍යාගාර වාර්තා මඟින් වෙනස් කොට යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේ 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළද මෙසේ විද්‍යාගාර සාම්පලය පමණක් ගුණාත්මක පොහොර ඉදිරිපත් කොට ක්ෂේත්‍රයට විෂ සහිත පොහාර යවා ඇති බවය. මේ තත්ත්වය විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මඟින්ද හෙළිදරව් වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට මෙරට පොහොර භාවිතය සීමා රහිත මට්මක පවතින බැවින් ඒවා භාවිතය සීමා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ඉදිරියේදී පස පරීක්ෂා කිරීමකින් පසුව පොහොර අවශ්‍යතාව මත පමණක් පොහොර යෙදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා තවුරටත් අනාවරණය කළේ පොහොර මාෆියාව තමන්ට වඩා බලවත් බවය. නියමිත ප්‍රමිතියට අන කූල ටීඑස්පී පොහොර ගෙන්වීමට අවශ්‍ය මඟ පෙන්වීම් තමන් ලබා දුන් පසුව ඊළඟ කන්නය සඳහා කිසිදු පොහොර සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් නොකිරීමෙන්ම ඒ බව පැහැදැලි වන බව අලුත්ගමගේ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

-lankasara

No comments:

Post a Comment

Post Bottom Ad