පහනට තෙල් සභාපතිකමින් නාමල් අයින් කළා…! නව සම්මානිත සභාපති ජුනි පත්කරනවා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 9, 2021

පහනට තෙල් සභාපතිකමින් නාමල් අයින් කළා…! නව සම්මානිත සභාපති ජුනි පත්කරනවා !

හනට තෙල් ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ ගරු සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිඳුන් අප නාමකරණයට ලක්කර ගනු ලැබූයේ එතුමන්ට පිදෙන ගරු බුහුමන්, පූර්වාංගමවය. ඒ ශ්‍රීමත් නායකත්වයේ උදාර පුත් රුවන බැවිනි.

එනමුත් ඊයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කනක හේරත් ගරු අමාත්‍ය තුමන්ගේ ආරාධනයෙන් සිදු කරන ලද ක්‍රිඩා තිළිණ ප්‍රධාන මොහොතකදී එතුමන් ප්‍රකාශ කර ඇත්තේ එම පත්කිරීම පිළිබඳව තමන් එකඟ නොවන බවකි.
අප විසින් කරුණු නොවිමසා එම ධුරයට එතුමන් නම් කිරීමෙන් එතුමාට යම් සිත්තැවුලක් හෝ යම් අපහසුවක් වී නම්, කමාව අයැදීමට මම පසුබට නොවෙමි.

ඊයේ රැස්වූ අප විධායක සභාව එතුමන් එම ධුරයෙන් ඉවත් කොට සමාජ හිතකාමී ක්‍රියාවන්ට ලැදි සම්මානිත පුද්ගලයෙකු ජූලි මස මහ සභාවේ දී පත්කර ගැනීමට එකඟ විය.

මින් ඉදිරියට නාමල් රාජපක්ෂ මැතිඳුන් අප ව්‍යාපාරයේ කිසිදු ධූරයක් නොදරන බවට ⁣රටවැසියන්ට මෙයින් දැනුම් දෙමි.

මහලේකම්
පහනට තෙල් ජාතික ව්‍යාපාරය


No comments:

Post a Comment

Post Bottom Ad