සාධාරණය ඉටුවන තෙක් විරෝධතා කරන බවට කාදිනල් හිමි දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

සාධාරණය ඉටුවන තෙක් විරෝධතා කරන බවට කාදිනල් හිමි දැනුම් දෙයි

සත්‍ය හෙළිදරව් කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් මේවන විට දියත්කර තිබෙන විරෝධතා දිගටම පවත්වාගෙන යන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කර තිබේ. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට මෙන්ම මේ වන විට අබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් ඉටු කිරීමට නම් ප්‍රහාරය පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් උන්වහන්සේ පවසා තිබේ.

තවද එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරයි.

“පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් ගෙවී ඒ පිළිබඳව කිසිවෙකුට විරුද්ධව නඩු පැවරී නැති වටා පිටාවක් තුළ, එම වින්දිත පවුල්වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයින්ටත් මම පවසන්නේ, පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යන බවය.“

No comments:

Post a Comment

Post Bottom Ad