පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී !

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.

පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.

සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර සභා ගැබේ දීම මෙම ගැටුම හටගෙන තිබිණි.

ඉන් අනතුරුව කතානායකවරයා සභාව කල් තැබීමෙන් පසු මෙම ගැටුම හටගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad