මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

මුරුත්තෙට්ටුවේ ඇල්ලේ හිමිවරුන්ට එරෙහිව මැදගොඩ හිමිගෙන් මාධ්‍ය හමුවක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා වටිනා අවස්ථාවක් බව ජාතික විද්වත් භික්ෂු සංසදය සඳහා කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඉතා හොඳ දෙයක් බවයි.

වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද කියා සිටියහ.

කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීලගට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා පූජ්‍ය ඇග්ලේ ගුණවංශ හිමියන් මෙම පනතට විරුද්දව පෙනී සිටියදී අබයතිස්ස හිමියන් ඊට පක්‍ෂව මතයක් ඉදිරිපත් කිරීම විශේෂය.

No comments:

Post a Comment

Post Bottom Ad