හරීන් නවලෝක රෝහලේ - රුධිර පීඩනය හා නාඩි වේගයත් ඉහල ගිහින් - CID කැදවූවා අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා | POLITICS LANKA HOT GOSSIP - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 22, 2021

හරීන් නවලෝක රෝහලේ - රුධිර පීඩනය හා නාඩි වේගයත් ඉහල ගිහින් - CID කැදවූවා අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා | POLITICS LANKA HOT GOSSIP


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මන්ත්‍රීවරයාගේ සුව දුක් බැලීමට එහි ගොස් තිබින.

එම අවස්ථාවේ පින්තූර අනුව හරීන් ප්‍රනාන්දු මහතාට සවිකර ඇති යන්ත්‍ර වලින් පෙන්වන්නේ ඔහුගේ රුධිර පීඩනය සහ හද ගැස්ම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

වැලිකඩ CID  පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් පැමිණිල්ලක්

මේ අතර පසුගියදා  පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඒ අනුව වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එම ගැටුමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.

මේ අතර වාර්තා වන්නේ එම ගැටුමට සම්බන්ධ වූ අනෙක් මන්ත්‍රීවරයා වන සමගි ජන බලවේගයෙ හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇති බවයි.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hotHarin Fernando

No comments:

Post a Comment

Post Bottom Ad