රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ – දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා - යුද හමුදාපති [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ – දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා - යුද හමුදාපති [VIDEO]

රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ

දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බව ත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දී සිටී.


මෙම කාල සීමාවේදී දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය විශේෂයෙන් අවම කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සදහා සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි, ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ විය.


No comments:

Post a Comment

Post Bottom Ad