එදා MCC එක ගැන චිත්‍ර ඇඳලා සිතියම් ලකුණු කරලා පෙන්නපු අය අද පෝර්ට් සිටිය ගැන නිහඬයි (Video) - විගස පුවත් - Vigasapuwath

Sunday, April 18, 2021

එදා MCC එක ගැන චිත්‍ර ඇඳලා සිතියම් ලකුණු කරලා පෙන්නපු අය අද පෝර්ට් සිටිය ගැන නිහඬයි (Video)

පසුගිය රජය සමයේදී ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊට විරෝධය දැක්වූ බොහෝ පාර්ශ්ව, අද කොළඹ වරාය නගරය වෙනම කොළනියක් ලෙස චීනයට ලබාදීම සම්බන්ධයෙන් ඉතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පුදුම සහගත බව රවී කුමුදේශ් මහතා පවසනවා. MCC ගිවිසුම හරහා රටේ විශාල භූමි ප්‍රමාණයක් ඇමරිකාවට අයිති වන බවට චිත්‍ර ඇඳ, සිතියම් ලකුණු කර පෙන්වූ පුද්ගලයන්ට වරාය නගරය නොපෙනෙන බවයි ඔහු පවසන්නේ.

රවී කුමුදේශ් මහතා මේ බව සඳහන් කළේ වැඩකරන ජන බලය සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

වරාය නගරය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිවලට අනුගත නොවන, ලංකාව ආසන්නයේ පිහිටි වෙනත් රටක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයක් පෙනී යන බවත‍්, ඊට එරෙහිව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා තර්ජනය කරන තත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී එසේ තර්ජනය කිරීම ඉතා බරපතල තත්වයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *