රිෂාඩ් පෝට්සිටියට අත ඉස්සූ දෙන්නෙක් පන්නයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

රිෂාඩ් පෝට්සිටියට අත ඉස්සූ දෙන්නෙක් පන්නයි !

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක එන්.එම් ෂහීඩ් මහතා පැවසුවේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවය. මේ අතර පසුගියදා සම්මත වූ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී දෝෂයක් සිදු වී ඇද්දැයි සොයා බලන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.

මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවුසවේ, අදාළ ඡන්ද විමසීමේදී තාක්ෂණික දෝෂයක් හෝ වෙනත් දෝෂයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට කථානායකවරයා නියෝග කර ඇති බවය.

පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නිසි පරිදි සටහන් වී නෙමැති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ද ඒ පිළ්බඳ සොයාබලන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad