රට වසංගතයේ උච්චතම අවස්ථාවක් දක්වා - මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් - ධාරිතාවයෙන් ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් | Lanka gossip COVID NEWS Sri lanka - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

රට වසංගතයේ උච්චතම අවස්ථාවක් දක්වා - මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් - ධාරිතාවයෙන් ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් | Lanka gossip COVID NEWS Sri lanka

මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක්

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්න තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කීවේය.

ජනතා සහයෝගය නොමැතිව මෙම වසංගතය පාලනය කළ නොමැකි බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වසංගතය පැතිරයන දිස්ත්‍රික්කවල මෙන්ම රටේම ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වන අයුරින් රෝගීන් වැඩිවීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර වසංගතය ව්‍යාප්තවීම සිදුවෙමින් ඇතැයි ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.

එම කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

– lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad