ණය අරන් කරන පරිමාණ ව්‍යාපෘති නවත්වනවා - විදේශ ණය උගුලෙන් ගැලවිය යුතුයි..- ජනාධිපති ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

ණය අරන් කරන පරිමාණ ව්‍යාපෘති නවත්වනවා - විදේශ ණය උගුලෙන් ගැලවිය යුතුයි..- ජනාධිපති ලේකම්


විදේශ ණය මත සිදුකරන මහා පරිමාණ ව්‍යාපෘති මින් ඉදිරියට ආරම්භ නොකරන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.
ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී විදේශ ණය ලබාගැනීම හැකි තරම් සීමා කර රාජ්‍ය වියදම් සදහා දේශීය ලෙස අරමුදල් සපයා ගැනීමට අදහස් කර සිටින බවයි.

විදේශ ණය යනු උගුලක් බවත් ඉන් ගැලවෙන තුරු මන්දගාමී ලෙස ඉදිරියට යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

දැනට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් පමණක් ලබා ගැනීම ද ඔහු අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad