වැලිගම මරණයේ පොලිසිය හැංගූ CCTV එළියට එයි! පොලිසිය සිටිද්දීම පහර දීමක්!! - (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

වැලිගම මරණයේ පොලිසිය හැංගූ CCTV එළියට එයි! පොලිසිය සිටිද්දීම පහර දීමක්!! - (VIDEO)

වැලිගම ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරක් හේතුවෙන් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය මීට පෙර ඔහුගේ ඥාතීන්ට දැනුම් දී තිබුණද ඊට පෙර පහර දීමක් සිදුව ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ, ඊට අදාළ සීසීටීවී දර්ශන නිකුත් වීමත් සමගය.

පොලිසිය මීට පෙර එම පුද්ගලයාගේ ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණේ බස් රථයකට යට වීමෙන් එම අනතුර සිදුව ඇති බවකි.

නමුත් නිකුත් වූ සීසීටීවී දර්ශනවලට අනුව එම පුද්ගලයාට යම් කිසිවකු පහර දෙන ආකාරයත්, ඒ අවස්ථාවේ ‌නිල ඇදුමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරු පැදියක නැගී එම ස්ථානයේ සිටින ආකාරයත් දැකගන්නට තිබේ.

ප්‍රහාරයෙන් පසු අදාළ පුද්ගලයා පමණක් නොව පොලිස් නිලධාරීන්ද එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් දැකගැනීමට පුළුවන.

කෙසේවෙතත් මෙම සිදුවීම අනාවරණය වීමත් සමග අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad