මහින්දගේ ශරීරයට රනිල්ගේ හිස - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සියල්ල ඉදිරියේ රනිල්ගේ මූනටම අමුතු කතාවක [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

මහින්දගේ ශරීරයට රනිල්ගේ හිස - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සියල්ල ඉදිරියේ රනිල්ගේ මූනටම අමුතු කතාවක [VIDEO]


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මුලින්ම ගමන් කළේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයටය.

එහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ඡාවක ද මන්ත්‍රීවරයා නිරත විය.

ආනන්ද හිමියෝ එහිදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හිස සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරය එක් කළ විට මෙරට දියුණු කළ හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයකු බවද කී ආනන්ද හිමියෝ රනිල් සහ මහින්ද එක්ව යුතුය යන මතය මෙරට ජනතාවගේ මුවින් පිට වූ දෙයක් බවද කියා සිටියහ.

තමන් වහන්සේලා මැදිහත්වී වී පත් කරන ලද නායකයන් කවුරුන්දැයි ඒ ජනතාව දැන් තමන් වහන්සේගෙන් විමසන බවද උන්වහන්සේ එහිදී පැවසුහ.


No comments:

Post a Comment

Post Bottom Ad