ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය අපයෝජනයට මාලදිවයින් සැකකරු හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමැතිත් අල්ලයි | LANKA HOT GOSSIP STORY - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය අපයෝජනයට මාලදිවයින් සැකකරු හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇමැතිත් අල්ලයි | LANKA HOT GOSSIP STORY

දැරිය අපයෝජනයට හිටපු ඇමැතිත් අල්ලයි

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය තවත් වෙබ් අඩවි 4 ක දැන්වීම් පළකර ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවිකර ඇති බව අනාවරණය කරගත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය එක් වෙබ් අඩවියක හිමිකරු සහ දැරිය අපයෝජනය කළ මාලදිවයින් හිටපු මුදල් රාජ්‍ය ඇමැති මොහොමඞ් අෂ්මලී ඇතුළු සිව් දෙනකු පෙරේද (04 දා) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මේ වනවිට මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෝ තිස් දෙදෙනක් අත්අඩංගුවට ගෙන සිටිති.

අත්අඩංගුවට ගත් මාලදිවයින් හිටපු ඇමැතිවරයා 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොල්ලූපිටිය ප‍්‍රදේශයේ මහල් නිවසයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය මගින්ය.

සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් අධ්‍යාපන කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින බවයි.

පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම සඳහා හෝටල් කාමරයක් ලබාදුන් හෝටල් කළමනාකරුවකු සහ වෙබ් අඩවියක මූල්‍ය කළමනාකරුවකු ද සිටින බව පොලිසිය පවසයි.

මෙම දැරිය මුදලට අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් සියයකට අධික පිරිසක් පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

ගල්කිස්සේ මහල් නිවාසයක රඳවාගෙන 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ලිංගික කටයුතු සඳහා අලෙවි කරමින් සිටියදී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

දැරියගේ ජංගම දුරකථන වට්ස් ඇප්, වයිබර් දුරකථන අංක ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශය චීවරධාරියකු, මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, මැණික් ව්‍යාපාරිකයන්,පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයකු, ආරක්‍ෂක අංශ සාමාජිකයකු ඇතුළු පුද්ගලයන් තිස්දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.


හේමන්ත රන්දුණු

No comments:

Post a Comment

Post Bottom Ad