ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග

ඉදිරියේදී රටේ නායකයා වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තමන්ට ඊට කැමැත්තෙන් සිටින බව ද ඒ මහතා පැවැසීය.

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් 2015 වසරේ පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේ තමන් බව ද ඔහු පැවසීය.

අර්ජුන රණතුංග ගැන සමහරුන්ට බයක් ඇති බවත් තවත් තවත් ඉම්රාන් ඛාන් කෙනෙක් වේ යැයි ඇතැමුන් බිය වී සිටින බවත් පැවසූ ඔහු තමනට අවස්ථාව ලැබුණොත් රට හදන්න එන බවද කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදය ගැන කරුණු පැහැදිලි කිරීමක් අතරතුර දී මාධ්‍ය කල විමසීමකදීය.

එමෙන්ම මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩුව මාස 06ක් ඇතුලත ගොඩනැගීමට තමනට හැකියාව ඇති බවත් කිසිවෙකු ඇගිලි ගහන්නේ නැතිනම් එය කල හැති බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad