දින 40ක් නොනවත්වා කල දැඩි කැපවීම සහ ප්‍රේක්ෂක ඉල්ලීම් ඵල දරමින් – භානුක රාජපක්ෂව නැවතත් ජාතික සංචිතයට කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

දින 40ක් නොනවත්වා කල දැඩි කැපවීම සහ ප්‍රේක්ෂක ඉල්ලීම් ඵල දරමින් – භානුක රාජපක්ෂව නැවතත් ජාතික සංචිතයට කැඳවයි

ශාරීරික යෝග්‍යතාවය නොමැති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කර තිබූ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද තමන්ට එල්ල වූ සියලු චෝදනා වලට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනය පැවැත් වූ ශාරීරික පරීක්ෂණ සියල්ල ජය ගැනීමට සමත් වුනා.

ඒ කිලෝ මීටර් 2ක් විනාඩි 8යි තප්පර 35ක් තුළ දිවීමේ පරික්ෂණය සහ Skin Folds පරික්ෂණය සාර්ථකව ජය ගනිමිනි.

මෙරට ක්‍රිකට් ලෝලීන් විසින් ද බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂ කැඳවන ලෙස සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස ඉල්ලීම් කර සිටියේ ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්නට පෙර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ සුවිශේෂි දක්ෂතා නිසයි.

මේ වන විට ඉන්දියාව සමඟ පැවැත්වෙන T20 සහ එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුතු විශේෂ සංචිතයක් නම් කර තිබෙන අතර ඔවුන් ජෛව බුබුලකටද ඇතුලත් වී සිටිනවා .

ඔවුන් දැනටමත් පුහුණු වීම් ආරම්භ කර ඇති බවටත් වාර්තා වනවා

ශාරිරික යෝග්‍යතාවය සමත් වූ භානුක රාජපක්ෂ ද හෙට (03) දිනයේ දී මෙම 13 දෙනෙකුගෙන් යුතු විශේෂ සංචිතය සමඟ එක්වී සිය පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ


No comments:

Post a Comment

Post Bottom Ad