මම ආව කියා තෙල් මිල අඩු කරන්න බැහැ – බැසිල් කියයි : එන්නට කලින් ගෝල බාලයන් කියූ කතා මුසාවක් වෙයි : Basil Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

මම ආව කියා තෙල් මිල අඩු කරන්න බැහැ – බැසිල් කියයි : එන්නට කලින් ගෝල බාලයන් කියූ කතා මුසාවක් වෙයි : Basil Rajapaksa


ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණයක් ජනාධිපවරයා රටේ ආර්ථිකය ගැනද කල්පනා කරගනු ඇති බවත් තමන් ඇමති ධුරයක සිටියානම් ඉන්ධන මිල මේ ආකාරයට වැඩිනොවන ඇතැයි යනුවෙන් ආණ්ඩුවේම ඇතමුක් සිදු කළ ප්‍රකාශ වැසි වැස්සොත් ගඟ පිරියි පන්නයේ ප්‍රකාශ බවත් තමන් සිටියන් ඉන්ධන මිල වැඩි නොවනු ඇතැයි කිව නොහැකි බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ජනතාවට සහන ලබාදීම උත්සාකරන බවත් රටේ සමස්ත ආර්ථිකය ගැනම කල්පනා කළ යුතු බවත් සහන දෙන්න වගේම තව හුඟාක් මහන්සි විය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ඇමති ධුරයේ දිවුරුම්දීමෙන් පසු ආශිර්වාද ලබා ගැනීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ ආපස් යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

No comments:

Post a Comment

Post Bottom Ad