ලෝකයේ තෙල් මිල ඉහලට.. පෙට‍්‍රල් 16කින්, ඩීසල් 14කින් වැඩි කල යුතු තත්වයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

ලෝකයේ තෙල් මිල ඉහලට.. පෙට‍්‍රල් 16කින්, ඩීසල් 14කින් වැඩි කල යුතු තත්වයක් !

පසුගිය මස 11 වැනි දා සිට මේ දක්වා වූ කාලය තුල ඉන්ධන බැරලයක මිල 10% කින් පමණ ඉහළ ගොස් තිබේ.

එම තත්ත්වය මත ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතු වී ඇත.

ලෝකෙ වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම පසුගිය මිල වැඩිකිරීම සමග සලකා බැලීමේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 16කින් ඩීසල් ලීටරයක් රුපියල් 14කින් පමණ ඉහල දැමිය යුතු තත්ත්වයක් පවතින්නේ යැයි ද වාර්තා වෙයි.

ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ පසුගිය මාසය තුල ඉන්ධන මිල ඉහළ නොදැමීමම ජනතාවට දුන් සහනයක් බවයි.

එම කාලසීමාවේ ලෝක වෙලද පලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad