ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් පිටියට සමුදෙයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 7, 2021

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් පිටියට සමුදෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ගිවිසුමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 24 දෙනාගෙන් මැතිව්ස් පමණක් ගිවිසුමට අත්සන් කර නොමැත.

ලකුණු ලබාදීමේ ක්‍රමවේදය අනුව නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් නොකර සිටීමට තීරණය කළ ජේෂ්ඨ ක්‍රීඩකයින් අතර මැතිව්ස් ද විය.

නමුත් පසුව මැතිව්ස් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට තීරණය කර ඇති නමුත් වාර්තා වන පරිදි ඔවුන් සඳහා තරගාවලි සඳහා පමණක් කොන්ත්‍රාත්තු ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ජාවෙන් අනතුරුව සියලුම ක්‍රීඩකයින් ඉදිරි ඉන්දීය සංචාරය සඳහා යොමු කිරිමට තීරණය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad