තරුණියන් විකුණන වෙබ් ජාවාරම්කරුවන් සොයා පුළුල් මෙහෙයුම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 7, 2021

තරුණියන් විකුණන වෙබ් ජාවාරම්කරුවන් සොයා පුළුල් මෙහෙයුම් !

අන්තර්ජාලය ඔස්සේ බාලවයස්කාරියන් ඇතුළු තරුණියන් විකුණන වෙබ් අඩවි ජාවාරම්කරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය වෙනමම විමර්ශනයක් අරඹා ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් යටතේ මෙම විමර්ශනය අරඹා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙවැනි වෙබ් අඩවි දෙකක් මෙහෙය වූ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු, අන්තර්ජජාලය ඔසුසේ භාණ්ඩ විකුණන ව්‍යාපාරියකයකු, වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකු හා සී.සී.ටී.වී. කැමරා සවිකරන තාක්ෂණ නිලධාරීයකු පෙරේදා (04 වැනිදා) වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම වෙබ් අඩවි මගින් ගණිකා වෘත්තියේ නිරත බාල වයස්කාරියන් හා කාන්තාවන්ගේ වෙළෙඳ දැන්වීම් දිනපතා පළ කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් පන්සියයේ සිට දෙදහස බැගින් දිනපතා අය කර ඇති බවත් සෑම කාන්තාවක්ම තම වෙළෙඳ දැන්වීම ඉහළින්ම තබාගැනීමට දිනපතාම දැන්වීම් සඳහා මුදල් ගෙවා ඇති බවත් හෙළිවී තිබේ.

මෙම වෙබ් අඩවි මගින් කාන්තාවන් විකිණීම මෙන්ම අන්තර්ජලයෙන් සජිවී දර්ශන විකුණන ජාවාරමද සිදු කර තිබේ.

මෙවැනි වෙබ් අඩවි තුනක් දැනට හඳුනාගෙන ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා


No comments:

Post a Comment

Post Bottom Ad