ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට !

අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ.

ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයන අත්හිටුවීමට මෙසේ අවධානය යොමුව ඇත.

මේ ගැන අවධානය යොමුව ඇත්තේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වනතුරු විනිමය රට තුළ රඳවා ගැනීම සහ දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම යන කාරණා සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad