ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානමක් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 7, 2021

ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානමක් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.
 
ඒ අනුව ඔවුන් ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ් අවදානම තුන්වන කාණ්ඩයේ ඇති අධි අවධානම් රටක් ලෙසටයි. එමෙන්ම මෙම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානම පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.
 
මෙහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සම්පූර්ණ එන්නත් කරණයකට ලක්ව නැති අමෙරිකානු පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයක කිරීමේදී කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමේ අවදානම අධික බවයි.
 
ශ්‍රි ලංකාව අධික කොවිඩ් අවදානමක් ඇති රටක් ලෙස අමෙරිකාව විසින් නම් කර තිබීම මීට හේතුවයි.
 
එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නව යාවත්කාලීන කිරීමේදී දැක්වෙන්නේ කෙටි දැනුම් දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයින්ට ඇති බවයි.
 
බස් නැවතුම් පල,ගුවන්තොටුපල,සංචාරක හෝටල්,අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව ඔවුන් මෙම යාවත්කාලීන කිරීම් හරහා සංචාරකයින්ට සිහි කැඳවනවා.

-HiruGossip


No comments:

Post a Comment

Post Bottom Ad