පොහොර සටනට නායකත්වය දුන් සමන්ත සහ නාමල් අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 7, 2021

පොහොර සටනට නායකත්වය දුන් සමන්ත සහ නාමල් අත්අඩංගුවට!

සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බෝගහකුඹුර පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජුලි 01 වනදා බෝගහකුඹුර පොලිස් වසමේ බොරලන්ද නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් අද වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.


No comments:

Post a Comment

Post Bottom Ad