“සොහොන් කොතටත් හානි කරලා” - චොකා මල්ලීට චෝදනා එල්ල වූ ඝාතන නඩුවේ, මිය ගිය වින්දිතයාගේ පුතා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

“සොහොන් කොතටත් හානි කරලා” - චොකා මල්ලීට චෝදනා එල්ල වූ ඝාතන නඩුවේ, මිය ගිය වින්දිතයාගේ පුතා කියයි

2015 ජනාධිපතිවරණයේ දී, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබුණු රැුස්වීමක සැරසිලි කටයුතු කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින්, එතැන සිටි ශාන්ත දොඩංගොඩ යන අය මිය ගියේ ය. මෙම වෙඩි තැබීම සහ එම ඝාතනය සම්බන්ධයෙන් චොකා මල්ලී හෙවත් පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු පිරිසකට මරණ දණ්ඩනය නියම කරන ලදී.

කෙසේ වෙතත්, චොකා මල්ලී හෙවත් පේ‍්‍රමලාල් ජයසේකර, තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

මේ අතර, මෑතක දී, කිසියම් පිරිසක්, මරා දැමූ සිය පියාගේ සොහොන් කොතට හානි සිදු කර තිබෙන බව, ශාන්ත දොඩංගොඩ ගේ පුත් සුමංග දොඩංගොඩ බීබීසී පුවත් සේවය සමග පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් කහවත්ත පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙන බව ඔහු අදාල පුවත්සේවය සමග පවසා තිබේ.

මේ තත්ත්වය මත, තාත්තාගේ සොහොන ගමෙන් ගෙන යාමට කටයුතු කරන බවද ඔහු පවසයි.

-headlinenews





No comments:

Post a Comment

Post Bottom Ad