රනිල්ට කතා කරන්න වෙලාව ආණ්ඩුවෙන්! ෆොන්සේකා ඩීල් එක හෙළිකරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

රනිල්ට කතා කරන්න වෙලාව ආණ්ඩුවෙන්! ෆොන්සේකා ඩීල් එක හෙළිකරයි!

අද (20) දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලමේන්තුවේ අදහස් දැක්වම සදහා කාලවේලාව ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය.

විපක්ෂයෙන් ඒ මහතා සදහා වෙලාව ලබා දී නොමැති බවද ඒ මහතා කීය.

ගම්මන්පිල මහතා වෙනුවට ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගය රැගෙන එන ලෙසට වික්‍රමසිංහ මහතා යෝජනා කරන්නේ ආණ්ඩුවේ වුවමනාවට, ආණ්ඩුව බේරාගැනීමට බවද ඒ මහතා චෝදනා කළේය.

මේ ආකාරයට ආණ්ඩුවේ වුවමනාව මත විපක්ෂයේ කකුලෙන් ඇදීමට පියවර නොගන්නා ලෙසත්, ඒ සදහා ඉඩ ලබා නොදෙන බවත් ෆොන්සේකා මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad