රෝහණ වීරසිංහ සන්තුෂ්ට එරෙහිව උසාවි නියෝගයක් ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

රෝහණ වීරසිංහ සන්තුෂ්ට එරෙහිව උසාවි නියෝගයක් ගනී !

ප්‍රසිද්ධ ගායක සන්තුෂ් වීරමන් මහතාට එරෙහිව ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් අධිකරණ නියෝගයක් ගෙන තිබේ.

ඒ, ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටියේ එන ‘මේ බජාර් එකට මල්ලී…’ ගීතය මුල්කරගෙනය.

ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් සන්තුෂ් වීරමන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට ‘මේ බජාර් එකට මල්ලී…’ නම් ගීතය ඕනෑම අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය වේදිකාවක පළ කිරීම, ප්‍රචාරණය කිරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

ජනප්‍රිය ගීතයක් වන ‘මේ බජාර් එකට මල්ලී…’ හි සංගීත රචකයා වන ආචාර්ය රෝහණ වීරසිංහ විසින් 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ කොළඹ වාණිජ මහාධිකරණය වෙත නඩු පවරා තිබුණි.

පැමිණිලිකරු පවසන්නේ මෙම ගීතය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එළිදැක්වූයේ 2015 ඔක්තෝබර් 23 වන දින බවයි.

නමුත් 2020 වසරේදී තමන්ගේ අවසරයකින් තොරව මෙම ගීතය සන්තුෂ් වීරමන් සහ සරිගම මියුසික් අයතනය මෙම ගීතය ප්‍රතිනිර්මාණය කොට ඇති බව වීරසිංහ මහතා අධිකරණයට පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad