මන්ත්‍රී වෙන්නටත් පෙර බැසිල් කැබිනට් ඇමතිකමක දිවුරුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

මන්ත්‍රී වෙන්නටත් පෙර බැසිල් කැබිනට් ඇමතිකමක දිවුරුම් දෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අනිද්දා (08) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට පෙර අමාත්‍ය ධූරයක දිවුරුම් දීමට සූදානම්ව සිටින බව යි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුගේ නම ගැසට් කිරීමෙන් පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකි බව ඔහු පෙන්වා දෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා වෙත මුදල් අමාත්‍ය ධූරය ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කොට ඇති බවට තමන් විශ්වාස කරන බව ද ජයන්ත කැටගොඩ මහතා කියා සිටියා.

ඒ අනුව ඔහු මුදල් කැබිනට් ඇමති ධූරය භාරගනු ඇති බවට ඔහු ප්‍රකාශ කළා.

කැටගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගත් පසු ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් ද සැළසුමක් සකස් කරනු ඇති බවට යි.

ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමට අදාළ ලේඛණ අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාරදෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මහලේකම් සාගර කාරියවසම් මහතා විසින්.


ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත යි.


එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා මහතා පැවසුවේ එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කෙරෙනු ඇති බව යි.


No comments:

Post a Comment

Post Bottom Ad