ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස් කියයි

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත කොවිඞ් රෝගීන් ගණනාවක් හමුවීමත් සමග ඉදිරි සති දෙක ශ‍්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ලොව ප‍්‍රමුඛ පෙළ විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි. ශ‍්‍රී ලංකාව තුළ තවමත් කොවිඞ් එන්නත ලැබී ඇත්තේ 20%කට ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක, ඩෙල්ටා ප‍්‍රභේදය සීග‍්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් ද රු ණු විය හැකි බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව පළමුව කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ ජනතාවට එන්නත ලබා දීම යැයි ද මහාචාර්යවරයා පෙන්වා දුනි.

‘‘ඒක සාර්ථකව කළාට පස්සේ ඊට වඩා වයස අඩු කාණ්ඩවලට එන්නත ලබා දිය හැකියි. අපි දන්නවා කොවිඩ් නිසා මිය යන 75% ක් විතර වයස අවුරුදු 60 ට ඉක්මවපු අය. දැඩිසත්කාරවලටත් වැඩිපුර එන්නේ ඒ වයස් කාණ්ඩවල පුද්ගලයන්. ඉතින් ඔවුන්ට එන්නත් ලබා දීමයි වැදගත්.”


No comments:

Post a Comment

Post Bottom Ad