බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා

රුපියල් කෝටි 150කට අධික බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්හිටුවන ලද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (01) සිට යළි සක්‍රිය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 

වසර දෙකක් තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කිරීමේ එකඟාවක් මත මෙසේ මත්පැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා එම සමාගමට අවසර ලබාදුන් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසන්නේ. 

හිඟ බදු මුදල් පියවීමේ ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් මේ වනවිට එම සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා ඇති අතර තවත් සති තුනක් තුළ තවත් රුපියල් මිලියන 50ක් ගෙවීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. 

බදු පැහැර හැරීම හේතුවෙන් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන ලද්දේ 2018 වසරේදීය. එම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අර්ජුන් ඇලෝශියස් මහතාටය. 
-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad