ආණ්ඩුවෙන් ඉවත් කළොත් තමා යන තැන ගැන ගම්මන්පිල කලින්ම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 12, 2021

ආණ්ඩුවෙන් ඉවත් කළොත් තමා යන තැන ගැන ගම්මන්පිල කලින්ම කියයි

තමන්ව ආණ්ඩුවෙන් ඉවත් කළ හොත් නතර වන්නේ කොහේ දැයි යන්න පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදහස් පළ කර සිටියා.

ආණ්ඩුවෙන් ඉවත් කළ හොත් තමා වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට බව යි ඔහු පෙන්වා දෙන්නේ.

අද (12) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය ගනු ලැබූවේ තමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් රැස්වූ ජීවන වියදම් අනුකමිටුවේ දී බවට ජනාධිපතිවරයා විසින් නිවේදනයක් ද නිකුත් කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළා.

එවන් පසුබිමක ඉන්ධන මිල සම්බන්ධයෙන් යම් අයෙකු ප්‍රශ්ණ කරනවා යනු ජනාධිපතිවරයා බොරු කියන බව පැවසීම වැන්නක් බවත්, ජනාධිපතිවරයා විශ්වාස නොකරන්නේ ඇයි දැයි එවැනි ප්‍රකාශ නිකුත් කරන අයගෙන් ඇසිය යුතු බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නා.

ගම්මන්පිල අමාත්‍යවරයාව ආණ්ඩුවෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇත්දැයි විමසූ විට ඔහු මෙලෙස ද පවසා සිටියා.

“මාව එළවන්න යනවද නැද්ද කියලා හොයලා බලලා ඒ අනුව මගේ කටයුතු වෙනස් කරගන්න නම් මම සූදානම් නෑ. ඒ නිසා බල්ලන්ට බුරන්න ඉඩ දීලා, මම ඉදිරියට ඇදෙනවා”


No comments:

Post a Comment

Post Bottom Ad