අපි අනතුරේ.. ඉන්දියාවෙන් බෝම්බ දැම්මොත් අපි මැරෙයි - ස්ටාලින් නිරෝධායන කදවුරේ සිට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

අපි අනතුරේ.. ඉන්දියාවෙන් බෝම්බ දැම්මොත් අපි මැරෙයි - ස්ටාලින් නිරෝධායන කදවුරේ සිට කියයි

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ගැනීම නිසා තම ජීවිත ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි. එම කදවුරේ නිරෝධාන වෙමින් සිටිමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ මෙම ගුවන් හමුදා කදවුරට න්දියාවෙන් හෝ කිසිවෙකු හෝ පැමිණ බෝම්බයක් දැමුවොත් තමන් ඇතුළු පිරිස මිය යනු ඇති බවත් එවිට තම ජීවිතවලට වගකියන්න කිසිවෙකු නැති බවයි.

කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත් වූයේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලද තමන් ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් නිරෝධායන රෙගුලාසි පාවිච්චි කරමින් රඳවා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad