ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙටිි‍්‍රක් ටොන් 120,000ක් ලබා ගැනීම සදහා ඊයේ දින විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වේ.

මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද වාර්තා වෙයි.

මෙසේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගයයි.

මෙවන් ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු වුවත් එයට තබා තිබේ.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

මෙතෙක් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්ඉුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

මේ අතර ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad