පේරාදෙණියෙන් ලෝක වාර්තාවක්! වයසක කාන්තාවකට මොඩර්නා එන්නත දෙපාරක්ම විදියි! කලන්තෙ ඇවිත් වහාම රෝහල්ගත කරයි! (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

පේරාදෙණියෙන් ලෝක වාර්තාවක්! වයසක කාන්තාවකට මොඩර්නා එන්නත දෙපාරක්ම විදියි! කලන්තෙ ඇවිත් වහාම රෝහල්ගත කරයි! (PHOTOS)

අද දින මහනුවර මධ්‍යස්ථානයක දී එන්නත් කිරීම සඳහා පැමිණ සිටි වයෝවෘද්ධ කාන්තාවකට දෙවතාවක් ‌මොඩර්නා එන්නත ලබාදීමේ සිදුවීමක් පිළිබදව පැමිණිලි ලැබී ඇත.
ඇගේ පළමු මාත්‍රාවෙන් මොහොතකට පසුව දෙවන එන්නත ලැබීමත් සමග ඇයට ක්ලාන්ත ගතියක් සහ වෙනත් සංකූලතා ඇති වී ඇති අතර වහාම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මහනුවර ඔගස්ටාවත්ත එන්නත මධ්‍යස්ථානයේ දී ඇයට එන්නත ලබා දී ඇති අතර තමාට දෙවරක් එන්නත ලබා දී ඇති බව ඇය වෛද්‍යවරුන්ට පවසා තිබේ.

ඇගේ සැමියා මේ පිළිබදව පේරාදෙණිය පොලිසියට හා සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා පැවසුවේ සිද්ධිය තමාට වාර්තා කර ඇති බවත් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

මේ ආකාරයට ‌එකවර දෙවතාවක් එකම එන්නත ලබාදුන් ලොව පළමු අවස්ථාව මෙය විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad