අයියාට ක්‍රිකට් තහනම් වෙද්දී ක්‍රිකට් වරම් ලැබුනු මල්ලී ඔමේෂ් මෙන්ඩිස් | Gossip Story About Omesh Mendis - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 2, 2021

අයියාට ක්‍රිකට් තහනම් වෙද්දී ක්‍රිකට් වරම් ලැබුනු මල්ලී ඔමේෂ් මෙන්ඩිස් | Gossip Story About Omesh Mendis

අයියාට ක්‍රිකට් තහනම් වෙද්දී ක්‍රිකට් වරම් ලැබුනු මල්ලී ඔමේෂ් මෙන්ඩිස්

මේ දිනවල වැඩිදෙනෙක්ගේ සාකච්ඡාවට බදුන්වූ කරුනක් ලෙස ක්‍රිකට් හැදින්විය හැක. ඒ පසුගිය තරග පරාජයත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පිළිබදව වාර්තා වූ පුවතක් නිසා. නමුත් ඒ අතරින් වැඩිපුර කතාබක් ඇති නොවුනත් අපූරු පුවතක් අපට වාර්තාවනවා.

තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක කුසල් මෙන්ඩිස්ගේ බාල සොහොයුරා වන ඔමේෂ් මෙන්ඩිස්ව ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 පහළ කණ්ඩායම වෙත තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව අවුරුදු 19 පහළ කණ්ඩායමේ 65 දෙනෙකුගෙන් යුතු මුලික සංචිතය සඳහා ඔමේෂ් මෙන්ඩිස් තේරීපත්ව තිබෙනවා.

පසුගිය සඳුදා දිනයේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය ඔමේෂ් වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු 19 පහළ කණ්ඩායමේ පුහුණු වීම් පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කුසල් මෙන්ඩිස් ද සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කර තිබුණේ මොරටුව වේල්ස් කුමරු විද්‍යාලයෙනි.

ඔමේෂ් මෙන්ඩිස් ද අතිදක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවයි සඳහන් වන්නේ.

ඔමේෂ්ට මෙම සතුටුදායක ආරංචිය ලැබෙන අවස්ථාවේ කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් තහනම් කර තිබීමද කණගාටුදායක කරුණකි.

No comments:

Post a Comment

Post Bottom Ad